AI මැජික් ලෝකය

Discover fresh insights and innovative ideas by exploring our blog,  where we share creative perspectives

  • Home
  • Courses
  • AI මැජික් ලෝකය
May 22, 2026

Grade 1 - 4: "AI කුමාරයා සහ මැජික් ලෝකය" පාඨමාලා හැඳින්වීම

(දෙමාපියන් සහ ගුරුවරුන් සඳහා වන නිල මාර්ගෝපදේශය)

අද කාලයේ දරුවන් ඉපදෙන්නේම Smart Phones, Tablets සහ YouTube ලෝකයකටයි. තාක්ෂණය නිකම්ම "පාවිච්චි කරන" (Consumers) පිරිසක් වෙනුවට, තාක්ෂණය "නිර්මාණය කරන" (Creators) බුද්ධිමත් පිරිසක් බවට ලංකාවේ දරුවන් පත් කිරීම මෙම පාඨමාලාවේ ප්‍රධානතම අරමුණයි.

මෙහිදී දරුවන් පාඩම් පොත් පාඩම් කරන්නේ නැත. ඔවුන් සෙල්ලම් කරමින්, චිත්‍ර අඳිමින් සහ කාටූන් හදමින් අනාගත ලෝකයේ මහා පෙරළිය වන Artificial Intelligence (කෘතිම බුද්ධිය) සරලව අත්හදා බලනු ඇත.

🎯 මෙම පාඨමාලාවෙන් අප බලාපොරොත්තු වන අරමුණු (What We Expect)

  1. තර්කන බුද්ධිය වර්ධනය (Logical & Algorithmic Thinking): ප්‍රශ්නයක් දෙස පියවරෙන් පියවර බලා (Step-by-step) විසඳුම් සෙවීමේ හැකියාව දරුවා තුළ ඇති කිරීම.

  2. නිර්මාණශීලීත්වය (Creativity Boost): තමන්ගේ හිතේ මැවෙන හීන ලෝකය AI මෙවලම් සහ කාටූන් කලාව හරහා තිරයක් මත සැබෑවක් බවට පත් කිරීමේ හැකියාව.

  3. තාක්ෂණයට ඇති බය නැති කිරීම (Tech Confidence): පරිගණකය යනු සෙල්ලම් බඩුවක් හෝ බිය විය යුතු දෙයක් නොව, තමන්ට අවශ්‍ය පරිදි වැඩ කරවා ගත හැකි "හොඳ යාළුවෙක්" බව වටහා දීම.

  4. භාෂා කුසලතාව (Bilingual Growth): සිංහල භාෂාවෙන් සංකල්ප වටහා ගන්නා ගමන්ම Prompting හරහා සරල ඉංග්‍රීසි වචන භාවිතය ස්වභාවිකවම පුහුණු වීම.

🚀 මෙම පාඨමාලාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට දරුවෙකු සතු විය යුත්තේ කුමක්ද? (Prerequisites)

  • පරිගණකයක් හෝ ලැප්ටොප් එකක් (PC / Laptop): සතියකට පැය 2ක් පන්තියේ වැඩ කිරීමට සහ නිවසේදී පුහුණු වීමට අන්තර්ජාල පහසුකම් (Internet) සහිත පරිගණකයක් තිබීම අත්‍යවශ්‍යයි. (Phoness/Tablets වලින් පමණක් සියලුම Coding වැඩ කිරීම අපහසුය).

  • මූලික ඉංග්‍රීසි අකුරු කියවීමේ හැකියාව: Grade 1-4 වයසේ පසුවන නිසා චිත්‍ර දෙස බලා හෝ සරල වචන (උදා: Cat, Ball, Go, Color) හඳුනා ගැනීමට ඇති හැකියාව ප්‍රමාණවත් වේ.

  • කුතුහලය සහ ආසාව (Curiosity): මේ සඳහා පෙර පරිගණක දැනුමක් අවශ්‍යම නැත. අලුත් දේ සෙල්ලමෙන් ඉගෙන ගැනීමට ඇති ආසාව පමණක් සෑහේ.

👨‍👩‍👧‍👦 දෙමාපියන්ගේ වගකීම (Role of the Parents)

💡 මතක තබා ගන්න: දරුවා පරිගණකය දෙස බලා සිටින සෑම වෙලාවකම කරන්නේ "වැඩකට නැති දෙයක්" නොවන බව මුලින්ම තේරුම් ගන්න.

  • නිවැරදි පරිසරය හදා දීම: දරුවාට සතියකට පැය 1-2ක් නිවසේදී නිදහසේ පරිගණකයෙන් මේවා අත්හදා බැලීමට (Practice කිරීමට) වේලාවක් සහ ආරක්ෂිත තැනක් වෙන් කර දෙන්න.

  • ප්‍රශංසා කිරීම සහ ධෛර්යමත් කිරීම: දරුවා AI එකෙන් ඇඳපු සරල චිත්‍රයක් හෝ සෙල්ලමක් ඔබට පෙන්වන විට, "ෂා... ලස්සනයිනේ, ඔයාද මේක හැදුවේ?" කියා ඔවුන්ව අගය කරන්න. එය ඔවුන්ගේ ආත්ම විශ්වාසය මිලියන ගුණයකින් වැඩි කරයි.

  • Screen Time කළමනාකරණය: දරුවා පරිගණකයේ ඉගෙන ගන්නා දේ හැරුණු විට, නිකම්ම වීඩියෝ බැලීමට හෝ වෙනත් Games ගැසීමට ඇති කාලය සීමා කරන්න. තාක්ෂණය "ඉගෙනීමට පමණක්" හුරු කරන්න.

  • ඉවසීම: මුල් සති කිහිපයේදී දරුවා Mouse එක අල්ලන්න අපහසු වී වැරදි කරද්දී බණින්න එපා. ඔවුන්ට තනිවම වැරදි කර ඉගෙන ගැනීමට ඉඩ හරින්න.

👩‍න්‍ ගුරුවරුන්ගේ වගකීම (Role of the Teachers)

  • මිත්‍රශීලී මඟපෙන්වීම (Facilitator Role): ගුරුවරයා යනු වේදිකාවේ සිට දේශන පවත්වන්නෙක් නොවේ. මෙහිදී ගුරුවරයා දරුවා අසලට වී ඔවුන්ට වැරදෙන තැන් කියා දෙන "යාළුවෙක්" විය යුතුය.

  • ප්‍රායෝගිකත්වයට මුල් තැන දීම (100% Practical): කිසිම විටක දරුවන්ට Notes ලියන්න දෙන්න එපා. සිද්ධාන්ත ඔලුවට දානවා වෙනුවට Screen එක උඩින් ඒ දේ කරලා පෙන්වන්න.

  • ආරක්ෂාව සහ අධීක්ෂණය (Digital Safety): දරුවන් පාවිච්චි කරන AI Tools සියල්ල ගුරුවරයාගේ Account එකක් යටතේ හෝ Safe Mode එකෙන් ක්‍රියාත්මක වන බවට නිරන්තරයෙන් වග බලා ගැනීම.

  • individual Attention: සමහර දරුවන් වේගයෙන් ඉගෙන ගන්නා අතර සමහර දරුවන්ට කාලය ගතවේ. හැම දරුවෙක්ටම තමන්ගේම වේගයෙන් (Self-paced) ඉගෙන ගැනීමට ඉඩ දීම.

💡 සාර්ථක කර ගැනීමට අමතර රෙකමදාරු (Tips for Success)

  1. "වැරදීම" සැමරීම (Celebrate Mistakes): Coding හෝ AI වලදී වැරදීම් (Errors) සිදුවීම සාමාන්‍ය දෙයකි. "අයියෝ වැරදුනා" කියනවා වෙනුවට, "ලස්සනයි, අපි බලමු මේක හැදුවේ කොහොමද කියලා" (Debugging) කියන මානසිකත්වය දරුවාට දෙන්න.

  2. පන්තියෙන් පිටතදී සම්බන්ධ කිරීම: උදාහරණයක් ලෙස පාරේ යද්දී දකින වාහනයක් පෙන්වා, "පුතේ, ඔය කාර් එක ඇතුළේ තියෙන Sensor එක වැඩ කරන්නේත් අපි අර පන්තියේ ඉගෙන ගත්තු කැමරා සෙන්සර් එක වගේමයි" කියා ඇත්ත ලෝකය සමඟ පාඩම සම්බන්ධ කරන්න.

Term 1 - AI පින්තාරු කරුවෝ (Painting & Image Creation)

1 - Computer එක මගේ අලුත් යාළුවා (Meet My Computer Friend)

2- කම්පියුටරයට සිතන්න පුළුවන්ද? (Can Computers Think?)

2- කම්පියුටරයට සිතන්න පුළුවන්ද? (Can Computers Think?)

3- කැත චිත්‍ර ලස්සන කරන මැජික් පැන්සල (The Auto-Correct Pencil)

3- කැත චිත්‍ර ලස්සන කරන මැජික් පැන්සල (The Auto-Correct Pencil)

වචන වලින් මැජික් කරන හැටි (Introduction to Prompts)

වචන වලින් මැජික් කරන හැටි (Introduction to Prompts)

හීන ලෝකයේ සත්තු (Imaginary Animals)

හීන ලෝකයේ සත්තු (Imaginary Animals)

අභ්‍යවකාශ සංචාරය (My Space Adventure)

අභ්‍යවකාශ සංචාරය (My Space Adventure)

මගේ AI කතන්දර පොත (My AI Storybook - Part 1)

මගේ AI කතන්දර පොත (My AI Storybook - Part 1)

මගේ AI කතන්දර පොත (My AI Storybook - Part 2)

මගේ AI කතන්දර පොත (My AI Storybook - Part 2)

මම කැමතිම සතා (Term 1 Exhibition)

මම කැමතිම සතා (Term 1 Exhibition)

Term 2: කාටූන් මැජික් ලෝකය (Cartoon & Animation Creation)

මගේ චිත්‍රයට පණක් දෙමු (Bringing Drawings to Life)

මගේ චිත්‍රයට පණක් දෙමු (Bringing Drawings to Life)

දුවන පනින මගේ කාටූන් චරිතය (Dancing Drawings)

දුවන පනින මගේ කාටූන් චරිතය (Dancing Drawings)

කඩදාසි රොබෝවෙක්ගේ නර්තනය (Robot Dance)

කඩදාසි රොබෝවෙක්ගේ නර්තනය (Robot Dance)

කතා කරන කාටූන් යාළුවා (Talking Monster)

කතා කරන කාටූන් යාළුවා (Talking Monster)

ඉංග්‍රීසි කතා කරන කාටූන් චරිතය (Speaking English with Cartoon)

ඉංග්‍රීසි කතා කරන කාටූන් චරිතය (Speaking English with Cartoon)

කැලෑවේ වීරයා (Hero of the Jungle)

කැලෑවේ වීරයා (Hero of the Jungle)

පුංචි කාටූන් කතාවක් සැලසුම් කරමු (My First Storyboard)

පුංචි කාටූන් කතාවක් සැලසුම් කරමු (My First Storyboard)

කතාවේ පසුබිම් තේරීම (Creating Story Backgrounds)

කතාවේ පසුබිම් තේරීම (Creating Story Backgrounds)

චරිත වලට පණ දීම (Animating Story Characters)

චරිත වලට පණ දීම (Animating Story Characters)

කෑලි එකතු කරලා වීඩියෝවක් හදමු (Video Editing Basics)

කෑලි එකතු කරලා වීඩියෝවක් හදමු (Video Editing Basics)

පසුබිම් සංගීතය එකතු කරමු (Adding Sound Effects)

පසුබිම් සංගීතය එකතු කරමු (Adding Sound Effects)

මගේ පළමු සජීවීකරණ චිත්‍රපටය (Term 2 Movie Project)

මගේ පළමු සජීවීකරණ චිත්‍රපටය (Term 2 Movie Project)

මගේ Mini සිනමා ශාලාව (Term 2 Mini Cinema)

මගේ Mini සිනමා ශාලාව (Term 2 Mini Cinema)

Term 3: Scratch සමඟ සෙල්ලම් කරමු (Logic & Coding Fundamentals)

රොබෝ කෙනෙක්ට උපදෙස් දෙමු (Coding Logic with Arrows)

රොබෝ කෙනෙක්ට උපදෙස් දෙමු (Coding Logic with Arrows)

Scratch ලෝකයට සාදරයෙන් පිළිගනිමු (Intro to Scratch)

Scratch ලෝකයට සාදරයෙන් පිළිගනිමු (Intro to Scratch)

මගේ පළමු Scratch පියවර (Moving the Sprite)

මගේ පළමු Scratch පියවර (Moving the Sprite)

කොළ පාට කොඩියේ රහස (The Green Flag Event)

කොළ පාට කොඩියේ රහස (The Green Flag Event)

බළලා කතා කරයි! (Making Sprite Talk)

බළලා කතා කරයි! (Making Sprite Talk)

මගේම පසුබිමක් දාමු (Customizing Backgrounds)

මගේම පසුබිමක් දාමු (Customizing Backgrounds)

අලුත් යාළුවෙක් එකතු කරමු (Adding New Sprites)

අලුත් යාළුවෙක් එකතු කරමු (Adding New Sprites)

නතර නොවී ඇවිදින්න (Introduction to Forever Loop)

නතර නොවී ඇවිදින්න (Introduction to Forever Loop)

වැටේ වැදිලා ආපහු එන්න (If on Edge, Bounce)

වැටේ වැදිලා ආපහු එන්න (If on Edge, Bounce)

පාට මාරු වෙන මාළුවා (Changing Costume & Color)

පාට මාරු වෙන මාළුවා (Changing Costume & Color)

යතුරුපුවරුවෙන් පාලනය කරමු (Keyboard Control)

යතුරුපුවරුවෙන් පාලනය කරමු (Keyboard Control)

Space බටන් එකේ මැජික් එක (The Jumping Sprite)

Space බටන් එකේ මැජික් එක (The Jumping Sprite)

තරු අල්ලන සෙල්ලම (Catching Stars Game - Part 1)

තරු අල්ලන සෙල්ලම (Catching Stars Game - Part 1)

තරු අල්ලන සෙල්ලම (Catching Stars Game - Part 2)

තරු අල්ලන සෙල්ලම (Catching Stars Game - Part 2)

මගේ පළමු Interactive Game එක (Term 3 Presentation)

මගේ පළමු Interactive Game එක (Term 3 Presentation)

Lesson 16

Lesson 16

Term 4: AI Games නිර්මාණය කරමු (Scratch AI Blocks)

ඇස් දෙකට වැඩ කරන කැමරාව (Intro to Video Sensing)

ඇස් දෙකට වැඩ කරන කැමරාව (Intro to Video Sensing)

අතින් අල්ලලා බැලූන් පුපුරවමු (Pop the Balloon Game)

අතින් අල්ලලා බැලූන් පුපුරවමු (Pop the Balloon Game)

මගේ අතින් බෝල ගහමු (Virtual Ping Pong)

මගේ අතින් බෝල ගහමු (Virtual Ping Pong)

මගේ මූණ අඳුරගන්න Computer එක (Face Detection Intro)

මගේ මූණ අඳුරගන්න Computer එක (Face Detection Intro)

හිනාවෙන මැජික් කන්නාඩිය (The Smile Detector)

හිනාවෙන මැජික් කන්නාඩිය (The Smile Detector)

Mathematic Quiz

Mathematic Quiz

කට ඇරලා කෑම කමු (Eating Apples Game)

කට ඇරලා කෑම කමු (Eating Apples Game)

ඔලුව හොලවලා බාධක වලින් බේරෙමු (Head Tracking Game)

ඔලුව හොලවලා බාධක වලින් බේරෙමු (Head Tracking Game)

මගේ අවසාන AI මහා ව්‍යාපෘතිය (Grand Project - Part 1)

මගේ අවසාන AI මහා ව්‍යාපෘතිය (Grand Project - Part 1)

මගේ අවසාන AI මහා ව්‍යාපෘතිය (Grand Project - Part 2)

මගේ අවසාන AI මහා ව්‍යාපෘතිය (Grand Project - Part 2)

ලංකාවේ පුංචි AI ඉංජිනේරුවෝ (Grand Graduation Day)

ලංකාවේ පුංචි AI ඉංජිනේරුවෝ (Grand Graduation Day)

Full Course
Free
Course Includes:
50h 0m
0 Enrolled Student
4 Sections
50 Lessons
1 Quiz
All levels
Cart (0 items)

Create your account