Grade 1 - 4: "AI කුමාරයා සහ මැජික් ලෝකය" පාඨමාලා හැඳින්වීම
(දෙමාපියන් සහ ගුරුවරුන් සඳහා වන නිල මාර්ගෝපදේශය)
අද කාලයේ දරුවන් ඉපදෙන්නේම Smart Phones, Tablets සහ YouTube ලෝකයකටයි. තාක්ෂණය නිකම්ම "පාවිච්චි කරන" (Consumers) පිරිසක් වෙනුවට, තාක්ෂණය "නිර්මාණය කරන" (Creators) බුද්ධිමත් පිරිසක් බවට ලංකාවේ දරුවන් පත් කිරීම මෙම පාඨමාලාවේ ප්‍රධානතම අරමුණයි.
මෙහිදී දරුවන් පාඩම් පොත් පාඩම් කරන්නේ නැත. ඔවුන් සෙල්ලම් කරමින්, චිත්‍ර අඳිමින් සහ කාටූන් හදමින් අනාගත ලෝකයේ මහා පෙරළිය වන Artificial Intelligence (කෘතිම බුද්ධිය) සරලව අත්හදා බලනු ඇත.
🎯 මෙම පාඨමාලාවෙන් අප බලාපොරොත්තු වන අරමුණු (What We Expect)
-
තර්කන බුද්ධිය වර්ධනය (Logical & Algorithmic Thinking): ප්‍රශ්නයක් දෙස පියවරෙන් පියවර බලා (Step-by-step) විසඳුම් සෙවීමේ හැකියාව දරුවා තුළ ඇති කිරීම.
-
නිර්මාණශීලීත්වය (Creativity Boost): තමන්ගේ හිතේ මැවෙන හීන ලෝකය AI මෙවලම් සහ කාටූන් කලාව හරහා තිරයක් මත සැබෑවක් බවට පත් කිරීමේ හැකියාව.
-
තාක්ෂණයට ඇති බය නැති කිරීම (Tech Confidence): පරිගණකය යනු සෙල්ලම් බඩුවක් හෝ බිය විය යුතු දෙයක් නොව, තමන්ට අවශ්‍ය පරිදි වැඩ කරවා ගත හැකි "හොඳ යාළුවෙක්" බව වටහා දීම.
-
භාෂා කුසලතාව (Bilingual Growth): සිංහල භාෂාවෙන් සංකල්ප වටහා ගන්නා ගමන්ම Prompting හරහා සරල ඉංග්‍රීසි වචන භාවිතය ස්වභාවිකවම පුහුණු වීම.
🚀 මෙම පාඨමාලාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට දරුවෙකු සතු විය යුත්තේ කුමක්ද? (Prerequisites)
-
පරිගණකයක් හෝ ලැප්ටොප් එකක් (PC / Laptop): සතියකට පැය 2ක් පන්තියේ වැඩ කිරීමට සහ නිවසේදී පුහුණු වීමට අන්තර්ජාල පහසුකම් (Internet) සහිත පරිගණකයක් තිබීම අත්‍යවශ්‍යයි. (Phoness/Tablets වලින් පමණක් සියලුම Coding වැඩ කිරීම අපහසුය).
-
මූලික ඉංග්‍රීසි අකුරු කියවීමේ හැකියාව: Grade 1-4 වයසේ පසුවන නිසා චිත්‍ර දෙස බලා හෝ සරල වචන (උදා: Cat, Ball, Go, Color) හඳුනා ගැනීමට ඇති හැකියාව ප්‍රමාණවත් වේ.
-
කුතුහලය සහ ආසාව (Curiosity): මේ සඳහා පෙර පරිගණක දැනුමක් අවශ්‍යම නැත. අලුත් දේ සෙල්ලමෙන් ඉගෙන ගැනීමට ඇති ආසාව පමණක් සෑහේ.
👨👩👧👦 දෙමාපියන්ගේ වගකීම (Role of the Parents)
💡 මතක තබා ගන්න: දරුවා පරිගණකය දෙස බලා සිටින සෑම වෙලාවකම කරන්නේ "වැඩකට නැති දෙයක්" නොවන බව මුලින්ම තේරුම් ගන්න.
-
නිවැරදි පරිසරය හදා දීම: දරුවාට සතියකට පැය 1-2ක් නිවසේදී නිදහසේ පරිගණකයෙන් මේවා අත්හදා බැලීමට (Practice කිරීමට) වේලාවක් සහ ආරක්ෂිත තැනක් වෙන් කර දෙන්න.
-
ප්‍රශංසා කිරීම සහ ධෛර්යමත් කිරීම: දරුවා AI එකෙන් ඇඳපු සරල චිත්‍රයක් හෝ සෙල්ලමක් ඔබට පෙන්වන විට, "ෂා... ලස්සනයිනේ, ඔයාද මේක හැදුවේ?" කියා ඔවුන්ව අගය කරන්න. එය ඔවුන්ගේ ආත්ම විශ්වාසය මිලියන ගුණයකින් වැඩි කරයි.
-
Screen Time කළමනාකරණය: දරුවා පරිගණකයේ ඉගෙන ගන්නා දේ හැරුණු විට, නිකම්ම වීඩියෝ බැලීමට හෝ වෙනත් Games ගැසීමට ඇති කාලය සීමා කරන්න. තාක්ෂණය "ඉගෙනීමට පමණක්" හුරු කරන්න.
-
ඉවසීම: මුල් සති කිහිපයේදී දරුවා Mouse එක අල්ලන්න අපහසු වී වැරදි කරද්දී බණින්න එපා. ඔවුන්ට තනිවම වැරදි කර ඉගෙන ගැනීමට ඉඩ හරින්න.
👩න් ගුරුවරුන්ගේ වගකීම (Role of the Teachers)
-
මිත්‍රශීලී මඟපෙන්වීම (Facilitator Role): ගුරුවරයා යනු වේදිකාවේ සිට දේශන පවත්වන්නෙක් නොවේ. මෙහිදී ගුරුවරයා දරුවා අසලට වී ඔවුන්ට වැරදෙන තැන් කියා දෙන "යාළුවෙක්" විය යුතුය.
-
ප්රායෝගිකත්වයට මුල් තැන දීම (100% Practical): කිසිම විටක දරුවන්ට Notes ලියන්න දෙන්න එපා. සිද්ධාන්ත ඔලුවට දානවා වෙනුවට Screen එක උඩින් ඒ දේ කරලා පෙන්වන්න.
-
ආරක්ෂාව සහ අධීක්ෂණය (Digital Safety): දරුවන් පාවිච්චි කරන AI Tools සියල්ල ගුරුවරයාගේ Account එකක් යටතේ හෝ Safe Mode එකෙන් ක්‍රියාත්මක වන බවට නිරන්තරයෙන් වග බලා ගැනීම.
-
individual Attention: සමහර දරුවන් වේගයෙන් ඉගෙන ගන්නා අතර සමහර දරුවන්ට කාලය ගතවේ. හැම දරුවෙක්ටම තමන්ගේම වේගයෙන් (Self-paced) ඉගෙන ගැනීමට ඉඩ දීම.
💡 සාර්ථක කර ගැනීමට අමතර රෙකමදාරු (Tips for Success)
-
"වැරදීම" සැමරීම (Celebrate Mistakes): Coding හෝ AI වලදී වැරදීම් (Errors) සිදුවීම සාමාන්‍ය දෙයකි. "අයියෝ වැරදුනා" කියනවා වෙනුවට, "ලස්සනයි, අපි බලමු මේක හැදුවේ කොහොමද කියලා" (Debugging) කියන මානසිකත්වය දරුවාට දෙන්න.
-
පන්තියෙන් පිටතදී සම්බන්ධ කිරීම: උදාහරණයක් ලෙස පාරේ යද්දී දකින වාහනයක් පෙන්වා, "පුතේ, ඔය කාර් එක ඇතුළේ තියෙන Sensor එක වැඩ කරන්නේත් අපි අර පන්තියේ ඉගෙන ගත්තු කැමරා සෙන්සර් එක වගේමයි" කියා ඇත්ත ලෝකය සමඟ පාඩම සම්බන්ධ කරන්න.

